Font size:
මල් පෙරහැර එන්නා සේ හිඳමී ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී ගැල් පෙරහැර යන්නා සේ නිඳමී ඔබ අහක බලා ගිය පසු දුක් විඳීමී ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති යළි හිත හදාගමී සදහට පතා එමී හඹා එමී සදා ඔබම පතමී නිල් තරු බිම වැටිලා සේ දුටිමී ඔබේ නෙතු සඟලේ එළි සේරම දුටිමී නිල් එළි පෙළ දැවෙනා සේ දුටිමී ඉවත බලා ගිය දුක හා ගැටෙමී සඳ රැජිණිය වඩිනා සේ දුටිමී හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී පෙරහැර මා හැරගිය බව දුටිමී ඔබ මා ළඟ නැවතී ඇති බව දුටිමී ඒ සැප නිමක් නැති තාමත් පමා නැති ඔබෙ සිත බදාගමී සදහට සිනාසෙමී සිනාසෙමී සදා ඔබම පතමී නිල් තරු බිම වැටිලා සේ දුටිමී ඔබේ නෙතු සඟලේ එළි සේරම දුටිමී සඳ රැජිණිය වඩිනා සේ දුටිමී හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී ගැල් පෙරහැර යන්නා සේ නිඳමී ඔබ අහක බලා ගිය පසු දුක් විඳීමී පෙරහැර මා හැරගිය බව දුටිමී ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති යළි හිත හදාගමී ඔබෙ සිත බදාගමී හඹා එමී සදා ඔබම පතමී මල් පෙරහැර එන්නා සේ දුටුවා ඔබ මහද පුරා ඇවිදින සුව වින්ඳා පෙරහැර මා හැරගිය බව දුටුවා ඔබ අහක බලා ගිය පසු දුක් වින්ඳා
Singers
Data
Last updated May 2026