Home/Songs/සඳ රැජිණියනේ

සඳ රැජිණියනේ

Sanda Rajiniyane

Music: එම්. කේ. රොක්සාමි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හදවත හිමි සුපෙම්බරා
තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා
තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා

සුළඟ හමා එන දසතින්නේ - ඔහුගේ සුවඳ ද ගෙන එන්නේ
නදාළු පොපියා නැළවෙන්නේ - ඒ කටහඬ මට පවසන්නේ
ඒ කටහඬ මට පවසන්නේ

රන් විමනේ නිල් අඹරෝරේ - ඔබෙ රූපය එබෙනා බව තේරේ
මා ඔසවා ගංතීරේ - එනු මා වෙත දී ශෘංගාරේ
එනු මා වෙත දී ශෘංගාරේ



Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.