Home/Songs/නීල අහසේ වලාවන්

නීල අහසේ වලාවන්

Neela Ahase Walawan

Font size:
නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ ... //

කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා //
මෙය දෝ සැබෑ ආදරේ 

නීල අහසේ ....

තුන් යාමයේදී තනි වූ ලොවේ
කිමිදේවි සිනා සාගරේ
පැතුමන් බොඳවී සුසුමක තනිවී //
යෞවනයේ හඬයි පෙම්වතුන් 

නීල අහසේ ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.