Font size:
අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා // ලය පුරා නෙකනෙක පාටින් මුතු මල් පෙති ඇහිරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් සිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා ඒ සුවඳින්ම ගේ හුස්ම රටා මවනවා අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා සිලිසිලියේ හමන සුළග කොදුරන්නේ අපටමයි සතුටමිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා
Singers
Data
Last updated May 2026