කස පුපුරන (දළදා පෙරහැර)
Kasa Pupurana (Dalada Perahera)
Font size:
කස පුපුරන හේවිසි බෙර නාදේ පාද සලං මිණි කිංකිණි තාලේ කැරෙකන ගිනි එළි අහසට විහිදේ පෙරහැර ළඟ එනවා දළදා පෙරහැර ළඟ එනවා… අම්මගේ කරපිට නංගී නැගීලා මට ඉහළින් මහ ඔලු ගෙඩි පිරිලා අහසින් ගිය බොරු කකුල්කාරයා විතරයි මට පෙනුණේ පෙරහැර නෑ දුටුවේ… කස පුපුරන… තාත්තාලාගේ කර උඩ පිට නැගලා යාළුවෝ හොඳ හැටි පෙරහැර බැලුවා යුධ ගිනි නිවලා තාත්තා ආවම පෙරහැර බලනවා මං ඊළඟ ඇහැළ මහේ… කස පුපුරන…
Singers
Data
Last updated May 2026