Home/Songs/ආදරය නිසා

ආදරය නිසා

Adaraya Nisa

Font size:
ආදරය නිසා - හෘදේ බැදෙනා - අපරාදෙ ජීවිත හානි වේ
සැනසීම සොයා - නෙත් කදුළු හලා - අපරාදෙ ජීවිත හානි වේ

ප්‍රේමේ මායා සිහිනයකි - නින්දෙදි පවා හද සෝක දේ
මේ ගැනම සිතා පසුතැවිලි වෙලා - අපරාදෙ ජීවිත හානි වේ

කුල භේදය හා ධන සැම සොයයි - හොඳ ජීවිත මල් මෙන් පරවී වැටේ
මේ ලෝකයෙහි පෙම් සැපත පතා - අපරාදෙ ජීවිත හානි වේ

මේ ජීවිතයේ සැප නෑ අනේ - බැඳි ප්‍රේමේ හෘදේ වෙන් වූ කලේ
මේ ආදරයේ රස මිහිර සොයා - අපරාදෙ ජීවිත හානි වේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.