Font size:
පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා...// ජනිත වූ හැම මෙම පොළොවේ නිති ආඩම්බර විය යුතු වේ... දෑ කුල භේදේ ආගම් වාදේ හැරදා එකමුතු වී සමගිව පේළි සැදී දිවි දී රකිමු අපේ ලංකා... පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා... නැගී සිටිය හැක එක්සේසත් වී බෙදී ගියොත් රට යයි සුන් වී// පිබිදෙව්... පිබිදෙව්... පිබිදෙව්...// අපගේ විකුම් බලේ රට ජාතියෙහි බලේ// දිවි දී රකිමු අපේ ලංකා... නැගී සිටිය හැක.....