Font size:
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ.. කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ.. හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. තරු කැට දෙක තුනක තනිකම මකන්නට.. මට බැරි වේවි නුඹහට මෙන් විටින්විට.. වරදින් මිදී නුඹ යළි ආවොතින් ගෙට.. වරදක් කියන් නෑ කවදාවත් නුඹට.. ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ.. කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ.. හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම.. තනියම කොහොම පැටවුන් නිදි කරන්න ද.. දරුවන් නිසාවත් නුඹ ආවොතින් ගෙට.. අහිතක් හිතන් නෑ කවදාවත්ම මම.. ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ.. කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ.. හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
Singers
Data
Last updated May 2026