Home/Songs/බඹරා වගේ විසේකාරයා

බඹරා වගේ විසේකාරයා

Babara vage visekaraya

Font size:
බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා //

කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා

සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා //

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.