Font size:
හිරු දැවී දැවී නිවුනොත් තුරු කෙසේ දළු දමයිදෝ සඳ දිලී දිලී නිවුනොත් විල් ජලේ මල් පිපෙයිදෝ ඔබ බැලුවෝතින් වෙනතක් කුමක් වේද මම නොදනිමි සිතා ගන්නට මට බැරිවෙයි අහස දම් ඇඳන් එන විට මහ වැසි එන බව දනිමි පොලොව ඉරිතැලී එන විට ඉඩෝරෙ එන බව දනිමි ඔබ මුහුණ අදුරු කරවයි සිතාගන්න මට බැරිවෙයි දරාගන්න මට බැරිවෙයි හිරු දැවී දැවී .... හරිත තුරු මුදුන් මත පිපි සුවඳ සුදු කුසුම් කදිමයි මල මත ඒ රඟන බඹරුන් සිත තුලේ හැගුම් පුබුදයි ඔබ නෙතින් කදුළු සඟවයි සිතාගන්න මට බැරිවෙයි දරාගන්න මට බැරිවෙයි හිරු දැවී දැවී ....
Singers
Data
Last updated May 2026