තිසාවැව ළඟ රළපනාවේ
Thisa Wewa Langa Ralapanawe
Music: නාලක අංජන කුමාර Lyrics: නයනසේන වන්නියනායක
Font size:
තිසාවැව ළඟ රළපනාවේ බලා ඉන්නම් හුදෙකලාවේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දියේ ගිලෙනා වෙලාව් // කදෝපැණීයන් වීර ගස්වල විදුලි වැල් බඳිනා වෙලාවේ නිශාචර සුළඟට වහන් වී ඇහැළ මල් ඉඟි කරන යාමේ මුදා ගන්නේ කෙලෙස දැහැනින් තිසාවැව අද්දර සුයාමේ දණ්ඩි පැටවුන් පාසි අතරින් වැටුණු තරු අහුලන වෙලාවේ ඕලුමල් සයනයේ මත්වුනු බමර ගී ඇසෙනා විරාමේ මුදා ගන්නේ කෙලෙස දැහැනින් තිසාවැව අද්දර සුයාමේ තිසාවැව ළඟ ....
Singers
Data
Last updated May 2026