රෑ මැදියම මත් වූ තොටියෝ
Raa Madiyama Math Wu Thotiyo
Music: අරුණ ගුණවර්ධන Lyrics: රජි වෙල්ගම
Font size:
රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ තොටියෝ මාස් වැස්ස ඉවර වෙලා අළුත් වතුර ගලන ගඟේ මල් නෙළුවා මතකද තොටියේ ඔරුව පෙරලුනත් ගඟ මැද මාව අරන් නුඹේ තුරුලට එතෙර කළා මතකයි තොටියෝ රුවල් නගා යන නැව් දැක සසල වෙලා බැලුවත් නුඹ නැව් නගින්න හිත නෑ තොටියෝ නුඹේ ඔරුවෙන් යලි දවසක කුමුදු පිපුන හඳ එළියක එතෙර යන්න ආසයි තොටියෝ රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන (රෑ මැදියම මත් වූ තොටියෝ...//)