එක මොහොතක්
Eka Mohothak
Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්// (කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි අහසයි පොළොවයි එක්වෙන දවසක් ගනිමි//) (මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//) එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි...... එක මොහොතක්...// (පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//) (මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//) බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා..... එක මොහොතක්...//