Home/Songs/ආදරේ සුවඳ අරන්

ආදරේ සුවඳ අරන්

Adare Suwanda Aran

Music: දුලිප් මිරැන්ඩෝ Lyrics: මල්කි විජේමාන්න
Font size:
ආදරේ මතකේ තියා සමුදුරෙන් ඈතට වුණා
හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා මං ඉන්නේ එනකල් බලා
අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් ඔයා...

මගෙම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා
තරහා වෙලා ගියත් ඔයා මතකයේ රැඳුනා
ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා
වේදනා සඟවා තියා ජීවිතේ ගෙවුණා
කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැනුණා....

කඳුළු වෙලා දුක ගැලුවා තනිවුණා සිතුණා
ඔහුගේ වෙලා යයි කියලා හදවතින් දැවුණා
මා ගෙනා පින් වැඩි නිසා මට ඔයා හිමි වුණා
වේදනා හැංගී ගියා ජීවිතේ පිරුණා
ඉපදෙනා භවයන් පුරා මං ළඟින් ඉන්නවා...

ආදරේ සුවඳ අරන්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.