Home/Songs/ලෝකෙම ක්‍රිකට් ගහන

ලෝකෙම ක්‍රිකට් ගහන

Lokema Cricket Gahana

Font size:
ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේ 
සෙල්ලම් දෙස බලා ඉන්නවා 
කප් එක ගන්නේ කව්ද කියා 
තව සමහරු ඔට්ටු තියනවා 
Bat එක අතට අරන් දෙන්න බැටේ 
අපේ කොල්ලෝ පිටියට යනවා 
කමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතන 
කොතැන ගියත් චියර් කරනවා...

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ 
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ//

අර්ජුන සනත් මහනාම හලෝ 
පිට්ටනියේ රජ වැඩ දෙන්නේ 
අපේ අරවින්ද සමග මාලන් සහ 
මුරලිදරන් දිනුම ගෙනෙන්නේ 
පිටරට සුදු කෙල්ලන් can you play cricket?
කියලා අපෙන් අහන්නේ 
බොරුවට yes කියපු ගමන් කරේ 
නැගලා කිස් එක දෙන්නේ... 

ලංකා කොල්ලෝ...//

කලුවගේ හයේ පාර දැකපු ගමන් 
ගෑනු ළමයි චියර් කරනවා 
පිටරට ක්‍රිකටර්ස්ලත් සැලුට් දමලා 
අපේ අයට දැන් සලකනවා 
මේ රජ කොල්ලෝ අපේ ලංකාවට 
ලෝකෙම කුසලාන ගේනවා 
සෙල්ලම් පිටියේ අපිව රජවෙනකොට 
ලංකා මෑණිය හිනැහෙනවා...

ලංකා කොල්ලෝ...//

oh our cricket team මෙන් පිටරට 
Is the real pride of lanka 
දාලා බයිලා singing and cheering 
support කරමු අපේ කොල්ලන්ටා 
ජය පැරදුමක් නැතත් එකමුතුකම 
තමයි අපේ අරමුණ ලංකා 
මේ ගැන සිතන අපට කවදත් 
ජය ජයම තමයි මගේ ශ්‍රී ලංකා...

ලංකා කොල්ලෝ...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.