Font size:
රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා සඳ සිසිලයි තරු එළියයි දෙතොල හැඩයි උණුසුමට නටයි කෝල පිණිපොදේ පෑයූ සඳවතේ නීල නෙත් යුගත් යාවේ මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් නෑනේ // රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා මී බිදු විසිරේ නිල්මිණි නෙතු සගලේ දැල්වේ සීතල කොපුලේ තාලෙට පිණි ඇතිරේ මල් සේ වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා සෝ ගී විරලයි පෙම් වැල් මිමිණේ මහදේ රන් පැහැ ලමැදයි එහි සුව ඉතිරේ සුවදේ එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ රෑ අහසේ ....
Singers
Data
Last updated May 2026