Home/Songs/ආදරේ කියූ කිසිවෙකු

ආදරේ කියූ කිසිවෙකු

Adare Kiyu Kisiweku

Font size:
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි ප්‍රිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි කතරේ යාවී බිදේ
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ.....

ඊයේ ඔබ හමුවුණා අවන්හලකදී
හෙට ඔබ මට මුණ ගැසේ උයන් සෙවණේදී //
හමුවීමක් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි කතරේ යාළු බිදේ //
ආදරේ කියූ කිසිවෙකු....

දවසක් මම වැලපුනා අන් ළඳක් නිසා
නැවතත් මම හිනැහුනා ඔබ ගැනත් සිතා //
සැනසීමත් සීමිතයි සිතේ
සීමිතදේ සැනසීමයි සිතේ
වැලි අතරේ යාවී බිදේ //
ආදරේ කියූ කිසිවෙකු .......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.