Home/Songs/සිනා දෙතොලේ

සිනා දෙතොලේ

Sina Dethol

Lyrics: උබේනන්ද දිසානායක
Font size:
සිනා දෙතොලේ පරවෙලා
පෙති හැලී සුන් වීලා
දැවී හළු වී නිමා වී යයි
මතකයේ සේයා

සිතක සෙනෙහස වපුරවන්නට
නොහැක බලයෙන් නම්
සිතක සෙනෙහස නෙතින් ගැලුවද
නොවේ හද උණුසුම්

දිනා සිහසුන් අරා හිඳිනට
වරම් නැති වීමෙන්
හෙළූ අවසන් සුසුම් පොදවත්
උණුසුමක් වීයන්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.