Home/Songs/දඟයා

දඟයා

Dangaya (Dennis Cartoon Theme)

Font size:
ලියන්න කියන්න පාඩම් කරන්න 
තිබුණත් වැඩ ඉස්කෝලේ  
ඔන්න ඇවිල්ලා ආයේ ඇවිල්ලා 
සෙල්ලම් කරන්න කාලේ 
පැන්චලා පැන්චිලා බට්ටලා බට්ටිලා 
එක්කලා දැන් හැම වේලේ 
දඟයට දුවන්න පනින්න පුළුවනි 
මේකයි දඟයගේ කාලේ

අල්ලපු නිවසේ ජීවත් වන්නේ 
වින්සන් මාමායි නැන්දයි 
මාමා නිතරම කරදර වින්දේ 
දඟයගේ දඟ වැඩ හින්දයි 
අම්මිට තාත්තිට දඟයගේ වැඩ ගැන 
ඔහුගෙන් පැමිණිලි කන්දයි 
මේ හැම දෙයක්ම අහන්න වෙන්නේ 
දඟයගේ දඟ වැඩ හින්දයි

යාලුවෝ එක්කලා දුවලා පැනලා 
දවසෙම ඇත දැඟලිල්ල 
තනියට නිතරම කිරියා ළඟ ඇත 
ඌ දඟයගේ සෙවණැල්ල 
දඟකම් නුවණින් හොඳ දේ කෙරුනට 
හුරු වුනොතින් දඟ මල්ල 
හපනුන් වෙයි මතු ලොව දිනනා හැම 
පුංචි වුණත් මේගොල්ල

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.