Home/Songs/සත්තයි රත්තරනේ

සත්තයි රත්තරනේ

Saththai Raththarane

Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
හදිස්සියෙ උකස් කල මගේ 
පරිස්සම් කෙරූ ආදරේ 
දිනෙන් දින පොලී වී ඉබේ 
සින්න වී ගියොත් පාඩුවේ 
දරන්නට බැරිව දුක හිතේ 
මෙතෙක් කාලයත් ජීවිතේ 
ගොඩනැගුන සෑම දේ මගේ 
කඩාගෙන වැටෙයි එක වේලේ 

(සත්තයි රත්තරනේ මට මේ ආත්මයේ 
ඇති වෙන්නත් නැති වෙන්නත් 
හිටියේ මට ඔබ විතරයිනේ...//)

සෑම හමුවීමකම කෙලවර වෙන්වීම කියලා 
පුරුදු කෙරුවට ඔබට බෙහෙවින් පින් සිද්ද වේවා 
මගෙ සන්තකයේ මට තිබෙනා 
සම්පත නැතිවුන පසුව  
තව නෑ කිසිවක් මගෙ අතරේ 
නැතිවෙන්න දෙයක් වටින

සත්තයි රත්තරනේ....//

ඈත හිටියත් මුසා අහලා ලෝකයා කියනා 
වචනෙකින්වත් ඔබට නෑ මං හානියක් කරලා 
අමතක කරගන්නට හැමදා වෙර දරුවත් කොච්චර 
මතකෙට එනවා ඔබෙ සිනහා හැම තිස්සෙම වස්තුව  
 
සත්තයි රත්තරනේ....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.