Home/Songs/උපන්දිනය අද ඔබගේ

උපන්දිනය අද ඔබගේ

Upan Dinaya Ada Obage (Birthday Song)

Music: තුසිත් නිරෝෂණ Lyrics: තිලාන් රංගන
Font size:
උපන්දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැඳුණු දහසක් දේ පවසමි මේ ගීයෙන් රහසේ
උපන්දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ රැඳි මල් පොකුරයි මේ මාගේ......
(Happy Birthday to you……////)

හිතේ ඇඳි ඇති මගේ ආදරියේ 
සෙනෙහයෙන් මා උමතු කළා
දහස් පැතුම් මා හදේ දරාගෙන
ඔබේ ආදරේ අයැදිනවා........

උපන්දිනය අද........

හදේ පැතුම් පොදි උහුලන්නට 
බැරි තරමට මා සිත සසල වෙලා
ඉතින් ඇවිත් සිත අරන් යන්න මගේ
 හුස්ම පොදත් හිමි ඔබට නිසා........

උපන්දිනය අද.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.