Home/Songs/සකිය සගව්ව‍ට

සකිය සගව්ව‍ට

Sakiya Sagawwata

Music: රෝහණ බැද්දගේ
Font size:
සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල 
(දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ....
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ 
(දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
(මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල....//)

(සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා....//)

සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා 
(සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි ... 
මක්කොලි බඳට ගොන් බානක් බැද යනවා 
(ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
(දත් කැකුලට නාරම්මල  ලතවෙනවා...//)

සකිය සගව්ව‍ට.....

සක්සඳ සත්සඳ  සඳ පොබයන සාවුන්ට 
(සඳ පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි...
මක්කොලි බදට දුටු  විගසට ගිරවුන්නට 
(දුටු  විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
(වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//)

සකිය සගව්ව‍ට.....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.