Home/Songs/මේ උයන් කොනේ

මේ උයන් කොනේ

Me Uyan Kone

Neela Nuwan Music: සමන් කුඹුකගේ Lyrics: ප්‍රියනන්ද විජේසුන්දර
Font size:
මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ......

සිනා රොදක් නැතී කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී......

මේ උයන් කොනේ.......

දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියාසලන්නෙමී දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිවනෙමී......

මේ උයන් කොනේ.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.