Home/Songs/මේ කිරුළ බර වැඩියි දේවී

මේ කිරුළ බර වැඩියි දේවී

Me Kirula Bara Wadi Devi

Music: රෝහණ වීරසිංහ Lyrics: බණ්ඩාර ඇහැලියගොඩ
Font size:
මේ කිරුළ බර වැඩියි දේවී
ගිණි ගැනි ලය රිදුම් දේවි..
ඔබම පැලදු සිරස..
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රදයි දේවි..
එයම මට බර වැඩියි දේවී...

මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියාදුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී...
මවෙත ආ සදකිදුරු දේවී..

රෑයම නොනිදා රැදී
මගේ නෙතු මත හිදී
මතක ගිණි හෙලුම් නොදි
ඔබ මසිත පිරි මදි
සසර මග අත නොහැර දේවී
යළි එකට මුණගැහෙමු දේවී..
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.