Home/Songs/ලස්සන දෑසක් දුටුව නිසා

ලස්සන දෑසක් දුටුව නිසා

Lassana Desak Dutuwa Nisa

Music: භාතිය ජයකොඩි Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා මේ දෑත නොදී කොහොමද මන්දා......

අද වගේ දවසක අපි දෙන්නා යළි හමුවන බව දැන උන්නා
රන් කෙන්දෙන් අතැඟිලි බන්දා අතිනත් ගෙන පා වෙමු දෙන්නා
මා පෙර සසරේ සිට දන්නා කෙනෙකුට බහ දෙන්නට උන්නා
හරියට ආදරේ ගැන දන්නා නුඹද මගේ ළඟ ඉන්න
ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා.......

ලස්සන දෑසක් දුටුව නිසා.......

මගේ ජිවිතයම පිළි ගන්න නැති සුදු සුම ඇත  ඔබ හින්දා
මාල හතක් ගෙල බන්දා ඉවසමි ඔබ යන තුරු කැන්දා
තුරුලේ නැළවෙන විට දෙන්නා ලෝකෙම අමතක වෙන හින්දා
ඒ පෙම් හැඟමන් කර පින්නා දිව්රමු අපි දෙන්නට දෙන්නා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.