පුංචි කෙල්ලේ
Punchi Kelle
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා දෑත ගිලිහී ඈත යන විට නීති දාලා අල්ල ගන්නද හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලං (වර්තමානේ වේදනාවෝ ආදරේ ප්‍රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා...//) හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා එකට ඉඳලා වෙන්ව යනදා බොහෝ රිදවා නිහඬ වීලා බලා සිටිය මා ඔබ දිහා අපෙ අතීතේ ගෙන හුඟක් නම් දුක් උනා මා වර්තමානේ වේදනාවෝ...// කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතීලා අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින් සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම් පුංචි කෙල්ලේ තාම රස්නෙයි.... වර්තමානේ වේදනාවෝ...///