Font size:
ඔබ මා හමු වූ අවසන් දිනේ - තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ - ආදරේක වේදනා දැනේ කෙතරම් දවසක් මා ඉන්නදෝ - මේ වගේ දුකක් හිතේ දරා සැඟවී සැඟවී මා එන්නදෝ - මාගේ ප්‍රියාවි සොයා මේ විසල් පුරේ ඉන්න රෑ ළඳුන් සොයා මා ළඟින් ඉන්න යාළුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැර දමා මසිත ඔබ සොයා ගියා අඬ අඳුරේ සිත වැලපේ - සිහිවී ඔබේ ආදරේ වාළුකා තලේ තියන දිය බිඳක් වගේ ඈත ක්ෂිතිජයේ ශබේ රුව මැවී පෙනේ මා සිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා එන්න මට නැතේ පිනක් අඬ අඳුරේ සිත වැලපේ - සිහිවී ඔබේ ආදරේ
Singers
Data
Last updated May 2026