Home/Songs/සඳෙහි සඳුන් වනේ

සඳෙහි සඳුන් වනේ

Sandehi Sandun Wane

Music: එම්. කේ. රොක්සාමි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
( සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ... ) //

පිනෙක බලය දැනේ පැතුම සැබෑ වුණේ
සිසිල සුළං කැරලි රගයි
මහිමෙ කියා සෙනේ

සඳෙහි සඳුන් වනේ ........

ජිවන සල් රුකේ කුසුම් පිබිදුණා
මෝහන මද මුදු සුලගක් විහිදුණා
ආදර සිදු කුසේ නිදන් පෑදුනා
ජිවිතයට ජිවිතයක් ඈඳුනා
පිපුණු මලට වනේ
බඹරෙක් ලංවුනේ
ගගන ගැබයි මිහිමඩලයි සුබ ආසිරි ගෙනේ
 
සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ
පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.