Home/Songs/මැණිකේ මම

මැණිකේ මම

Manike Mama

Font size:
(මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට හරි කේන්ති යනවා...//)
කොච්චර ආදරේ කෙරුවත් මා ගැන 
අවිස්වාස වෙනවා....
ඉවසලා ඉවසලා අන්තිමේදී මට  
හරි කේන්ති යනවා...
ගහන්න බනින්න හිතට දුකයි 
මම ගෙදරින් පිට වෙනවා....
මින් පසු එන්නෑ කියලා ගියත් මම
ආයේ ගෙදර එනවා....

(මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට හරි කේන්ති යනවා...//)

වීලා බොහෝම දුක් වීලා 
ඈ අඬාවි කඳුළු පෙරාලා 
හැමදාමත්ම මෙහෙම සිතාලා 
කොහොම ඉන්නද මම ඉවසලා 
මම යනවා යන්න ඈ දාලා 
මගෙ ඉවසුම මට නැති වීලා 
ඈ ඇවිදින් මාව සොයාලා 
එක්කන් යයි හඬා වැලපීලා... 

මැණිකේ මම...//

රෝස මලක් වගෙ ඇගේ මුහුණේ 
පෙම්බර පෙනුමයි මට ඕනේ....
තව ලස්සන මල් හමුවන්නේ 
රෝස මලයි මගෙ හිත ගන්නේ....
වෙන මලක් සොයා මම යන් නෑ 
මේ මල වෙන කාටත් දෙන් නෑ
විපතක් කිසි දවසක වෙන් නෑ 
මගෙ ආදරේ ඈ හදුනන් නෑ..... 

මැණිකේ මම....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.