Font size:
පොළොව උසුලන දෙවියනේ අහස උසුලන දෙවියනේ මුහුද උසුලන දෙවියනේ නැගෙන ඉර සඳ දෙවියනේ අග්නි අසනිය දෙවියනේ වැහි වලාහක දෙවියනේ මේඝ ගර්ජන දෙවියනේ බලන් මට කල මේ විනේ... පොළොව පුපුරා පැලීයන් අහස ගිනිගෙන දැවීයන් සයුරු කැළඹී ගැලීයන් නැගෙන ඉර හඳ වැටීයන්... තබන තබන පය ගින්නෙන් දැවීයන් වහින වහින වැහි අහසේ සිඳීයන් ගහන ගහන හෙණ හිස මත වැටීයන් ජාතිත් භවේ ගිනි දැල් මත දැවීයන් උපන් උපන් කුමරුන් මතු නැසීයන් දියෙන් ගොඩින් ගිනි ජාලා මැවීයන් ලෙඩින් දුකින් සංහතියම පෙළීයන් නිරන්තරින් බඩසායෙන් මැරීයන්... පොළොව පුපුරා අහස ගුගුරා දිය දෙබෑකර වරෙල්ලා සක්වලින් මුහුදින් ගොඩින් අහසින් සැනින් තොපි වරෙල්ලා මන්ත්‍ර බන්ධන අග්නි අසනිය ලෝදියත් ගෙන වරෙල්ලා මන්ත්‍ර මායා අංජනම් කර මේ රජුට විනකරල්ලා...
Singers
Data
Last updated May 2026