Home/Songs/සරාගීව ඈ ඉඟිපාලා

සරාගීව ඈ ඉඟිපාලා

Saragiwa Ae Igipala

Font size:
සරාගීව ඈ ඉඟිපාලා
පලා ගිය ඒ නෙත ඕනා
සනාතන මා පෙම් කලතන ඈ රූ ඡායා
නිශාමය ඈ රුව පායා
ලඟාවිය බෝ රස සේනා
මගේ හද තාලෙට පොපියන ඇගේ සේයා

මගෙ හිත දැන් ඈ ගැන අහනවා
තුන්තිස් පැය ඈවම පේනවා
පෙම්මල්දම ඈටම දානවා
සංකාවීලා නෑ
මදහස මාවෙත පානවා
පියුමන් අග අංජන ගානවා
හද රිද්දන පාළුව වහනවා
හිංසාවීලා නෑ

සරාගීව ඈ ....

හිත ලගමට ආදරේ මෝරලා
මට දෙනුමැන ඒ ගැන තෝරලා
ඔබ කිසිදින මා හද පාරලා
දැන් වෙන්වීලා බෑ
ඔබ දුටුදින මාසිත යාවුනා
හිත අමුතුම ලෝකෙක පාවුනා
මගෙ තනිකම ඈ බව තේරුණා
ලං ලංවීලා ඈ

සරාගීව ඈ ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.