Home/Songs/පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය)

පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය)

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Music: සඳරු ගමගේ Lyrics: හෂාන් මනෝල පලිහකෝන්
Font size:
පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...

දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද
(මුදු සඳට හාදුවක් තියන්න මල් ලියකම් මැද...//)

ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ
(ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ...//)

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
(නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...///)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.