Font size:
පේනා හීනේ ගානේ මාගේ දෑසේ ආලේ වෑහුනා නොනිදා රෑ දිවා පවා ආලේ ලීලේ පෑවේ දෑසේ වෑහේ ආලේ ඈ නිසා ආශා පෑවා මා හිතේ රැඳුනා බැඳුනා වෙලුනා දෑස මානේ බැන්ද සිත මාගේ හැමදාම ආශා වෙලා දැනුනා දැනුනා දැනුනාම ඇගේ කෝල දෑස්අග ආදරේ ආශා වෑහෙනා නොනිදා විදිනා බැදුනා ම රෑක හීන ගානේ ලං වෙලා යාවී පෙම් කලා...... මුමුණා කීව තාලේ යායේ පාවී යාවී රෑ පුරා කොඳුරා ඈ කියූ කතා කිසිදා නොරිදා හීනේ සිහිනේ සහනේ වෑහේ මා සොයා ආශා පෑවා මා හිතේ..... රැඳුනා බැඳුනා වෙලුනා...... ගොඩක් අය පැරදුනා නුඹෙ හිතෙ ඡන්දෙන් ඒත් දැන් නුඹ මගෙ වෙලා ලොකුම මනාපෙන් අදුරු වලාකුලෙ රිදී ඉර මගෙ ඉරි තැලුනු හිතට නුඹයි දිය බිද හෙව්ව කාලයක් සතුට මොකද පරක්කු නුඹ ලං වුනු නිසා හිත නෑ කුලප්පු ගහකොල හැමදේම මැව්වා දෙවියන් මවපු හොදම දේ ඔයයි මටනම්..... නොලැබේ කියලා සසැලී එදා රිදුනා සිත මා සීත ආදරේ පාවා ආයේ කිසිදා නෑ රිදිලා හදවත සනසා නුඹ ලං වූ නිසා...... දැනුනා දැනුනා දැනුනාම ඇගේ කෝල දෑස්අග ආදරේ ආශා වෑහෙනා නොනිදා විදිනා බැදුනා ම රෑක හීන ගානේ ලං වෙලා යාවී පෙම් කලා......