Font size:
ඔබ ළංවී මා අමතන මොහොතේ හද අවිවේකයි නෙතට විවෙිකයි ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි පිබිදුණු දෑසක කඳුල උපද්දා පෙම් කළ හිතකට වෛර කලා වද වෛර කළේ නැත දුරස් වුණේ නැත දොඩමළු ලොවකින් මුවා වුණා මම ඔබ ළංවී මා.... දැනුනාදෝ හද සුසුම් හෙළූ බව ඇසුණාදෝ සෝ ලතැවුල් ගීතය දැනුනා ඇසුනා ආදරයේ හඬ වසන්තයේ රැඳි වසත් ගීය ලෙස (වසන්තයේ ආ වසත් ගීය ඔබ වසත් ගීය රැඳි වසන්තයයි ඔබ)..///
Singers
Data
Last updated May 2026