Home/Songs/තරු පාට නිලට දිලිසෙන

තරු පාට නිලට දිලිසෙන

Tharu Pata Nilata Dilisena

Font size:
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා
මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මලමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැ‍ඬෙනවා

හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටි ඉන්නද මං හීන කියනා පාරේ
රත්තරනේ ඇවිද යමු දුර දිග සංසාරේ

මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

තරු පාට නිලට ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.