Home/Songs/පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

Paru Palamen Kolabata

Font size:
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට් ‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.