මුරකාවල්
Murakawal
Music: Amusync එන්ටර්ටේන්මෙන්ට් Lyrics: සජිත් චතුරංග
Font size:
බලෙන් ආදරේ ඉල්ලා ලබා ගන්න බැරි හින්දා සදාකල්ම මනසේ ඔබේ මතකය රන්දා උඩින් සැනසුම පෙන්නා යටින් ලොකු දුක හංගා හිනාවෙලා ඉන්නම් පාළුව කරපින්නා (මුරකාවල් ඇති ලෝකෙට සමුදී එක තැන මිය ඇදෙමු නැවතත් උපදින මතු යම් දවසක ආයෙ මුණ ගැහෙමු...//) දැවෙන්නට යමක් ඇති නම් නොවෙන්නට දෙයක් ඇති නම් ජීවිතේ වෙන කාටවත් නවතන්න බෑ කිසිදා ගියාට මා අතරින් පනවා නොකළ වැරදි සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී මුරකාවල් ඇති ලෝකෙට.... මගේ ගැන අගේ ඇති නම් දකින්නට වරම් නැති නම් ආදරේ නැවතත් වරක් පවසන්න මා අමතා ගියාට මා අතරින් පනවා නොකළ වැරදි සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී මුරකාවල් ඇති ලෝකෙට.... බලෙන් ආදරේ ඉල්ලා.... මුරකාවල් ඇති ලෝකෙට....//