Home/Songs/පෙමාතුර හැඟුම්

පෙමාතුර හැඟුම්

Pemathura Hangum

Font size:
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්

නියාළුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනි වෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පාරාදීසය සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම්....

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැනින් - පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

පෙමාතුර හැඟුම්....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.