Home/Songs/පෙම්වතයින් සේ සිනාසී

පෙම්වතයින් සේ සිනාසී

Pemwanthain Se Sinasi

Music: සුනිල් ධර්මසේන Lyrics: ෂෙල්ටන් විජේරත්න
Font size:
(පෙම්වතයින් සේ සිනාසී 
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින් 
සෝ ගී ගයන් නෑ ඉතින්)...// 

මිහිරාවියේ කෝ ඔබේ 
වදනින් මැවූ ආදරේ 
බොඳ මීදුමක් සේ ගලා    
දුර ඈත පාවී ගියා... 

පෙම්වතයින් සේ...

රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිඳින්නම් දරා 
මේ ආදරේ නම් ඔබේ 
එය ශාපයක් යයි හැඟේ 

පෙම්වතයින් සේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.