Home/Songs/කිසි අදහසක් නොදිටිමි

කිසි අදහසක් නොදිටිමි

Kisi Adahasak Noditimi

Music: රන්ජිත් බාලසුරිය Lyrics: කපිල සේනෙවිරත්න
Font size:
කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු
සෙවනැලි වැටී ඇත ගෙයි හැමතැනම ගොලූ
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු
මිදුලේ ලියන ලදි සඳ රැස් පැදුරු මලු...

වැට කොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කලුවරත් මැද ගන රැස් තරිඳු පෙනේ...

කඳුගැට පපා ගිලි මීදුම් සළු පාත
මට ඇතිකලේ වෙනකිසිවක් නොව සීත
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈතෙහි ඈත...

හඳ පලුවක් මතුවී නුබ වත්තෙන්
තරු කැට ඊ වට විසිරී ඇත්තෙන්
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.