Home/Songs/ලයික් අන්ල්යික්

ලයික් අන්ල්යික්

Like Unlike

Music: ජීවන්ත හේවාබන්දු Lyrics: ජානක පෙරේරා
Font size:
රිදී රිදී හැඩත්ති හැඟුමන් මිදි නිසොල්මනෙහි
ඈගේ නෙතේ ඇදෙන එක කඳුළක් මා කෙරේ
මාගේ හදෙහි වදන් ගොතමී 
ඇගේ සිරුර පුරා යොමු වී
මාගේ හදේ හැදෙන ඒ රේඛා ඈ කෙරේ
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
මාගේ මතකයන් ගිලගනි......

ආලයෙන් මා මත් වී ඒ ගෙවූ කාලේ පුරා
මා හදෙහි පැනයකි ඇගේ සිතෙහි වෙනසකි
එය කෙසේ විසඳේවී කියා
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
මාගේ මතකයන් ගිලගනි......

විසඳුමක් මා හමුවී ප්‍රේමයෙන් සැනසූ එදා
මා හා සිනා සී කීවා තුරුළු වී ආදරේ රසයැයි කියා
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
(මාගේ මතකයන් ගිලගනි......//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.