දෙවියන් දුටිමි මා
Dewiyan Dutimi Ma
Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින්කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා......
සංසාරේ හැමදා ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැඳ වැටිලා දෙවියන් ලඟම
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මේම.......
පුතෙකුට සදහටම තම වීරයා වෙලා
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා
මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න.....
සංසාරේ......
පොත පත දැනුම නොවෙයි මට සරණ උනේ
ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ
මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න......
සංසාරේ......
දෙවියන් දුටිමි......
සංසාරේ......//