කඳුකරයේ සීතලේ
Kandukaraye Seethale
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
කඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ හඳුනා හද ආදරේ ගෙවමු අපි ජීවිතේ...// සවන් පුරා එන ඔබේ ගී නදින් හදක් පිරී යනවා නුවන් පිරී ගිය කඳුලැලි අතරින් සිනා ගලා එනවා... කඳුකරයේ සීතලේ... අපේ වෙනස්කම් මකා දමා සිතුම් පැතුම් නොමැකෙතියි අමා මුවේ සිනා දුක මකා දමා පිබිදේ... කඳුකරයේ සීතලේ...//