Home/Songs/පමාවී පිපුණු මල්

පමාවී පිපුණු මල්

Pamawi Pipunu Mal

Font size:
පමාවී... පිපුණු මල් සුවදයි.... 
පමාවී... පිපුණු මල් සුවදයි.... 
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි 
හිතට හිතැතිව ගලා යන සුළගේ.....
හිතා ගන්නට බෑ....
කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ....
හද පියන් පත් හැර දමන්නේ.....

සිහින... නගරේ....සිහිල් සඳ එළියේ 
දෝර ගලනා... මතකයේ........
සිනිදු පිනි අග පිපී නැළවෙන 
මලකි මා.......
මලකි මා ඔබගේ....

පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ 
දිය කඳුරු ඉවුරේ 
පිනි කඳුළු මත උදා අරුනත 
හුදකලාවට සිනා මුසු කල 
මලකි මා........
මලකි මා ඔබගේ

පමා වී පිපුණු මල් සුවඳයි....
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි
ඒ මමයි...... ඒ මමයි......  
ඔබට මතකයි නම්....
පමා වී පිපුණු මල් සුවඳයි....
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි
ඒ මමයි...... ඒ මමයි...... 
ඔබට සිතුනා නම්....  
කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ....
හද පියන් පත් හැර දමන්නේ.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.