Font size:
ජිවිතේ දුක තියලා නුඹ මගෙන් දුර ගියා මගේ සෙනෙහේ බිඳ දමලා දෑස බොඳ කරදා නුඹ මගෙන් වෙන් වුණා පණ නුඹයි කියා ළඟ රැඳී එදා සිහිව නුඹ කී කතා කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී මා ඉතින් තනිවුණා...... (සිත්පුරා ඇන්ද පෙම් හද රූ රටා බොඳ වුණා රැය පුරා මා නෙතේ කඳුළු වැල් දැවටුණා.......//) සිත මගේ පාරලා බොරු චෝදනා නුඹ මට කළා කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී මා ඉතින් තනිවුණා...... (නෙතු අරා රුව නුඹේ සිහිනෙන් තවත් මැවෙනවා මා ළයේ තියූ සෙනේ පැතුම් මල් මියැදුනා......//) සිත මගේ පාරලා බොරු චෝදනා නුඹ මට කළා කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී මා ඉතින් තනිවුණා...... ජීවිතේ දුක.......