Home/Songs/පාවෙන්න පිරිසියක් උඩ නැගලා

පාවෙන්න පිරිසියක් උඩ නැගලා

Pawena Pirisiyak Uda Negala

Font size:
පාවෙන්න පිරිසියක් උඩ නැගලා 
පිටසක්වලකින් මෙහාට බැහැලා 
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ 
අපි නම් නැ කවදාවත් දැකලා 
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා 
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ 

කොයි දේසේ ඉදලද එන්නේ - අගහරු ලෝකෙන් අපි එන්නේ 
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද 
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ 
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද 

පාවෙන්න පිරිසියක් උඩ නැගලා .....

කලාවේ තියේද නව පෙරලි - අපේ ලොවේ නැ බෙලි කැපිලි 
නළු නිලියන් කොහොමද මල්ලි - එහෙ නැ ඇවිදින ඇටසැකිලි 
නැටුම් ගැයුම් එහි තියෙනවද - ඔහෙලට වගේ අපිටත් බැරිද 
එහෙනම් ගීයක් කියන්වන්ද - කියමු කියමු ඕවත් වැඩද 

ලාල් ලාල් ලාල් ලාල් .........

දවසට පැය කියක් වැඩද - අටයි හැබැයි ඒ අටම වැඩ 
වර්ජන තර්ජන එහි නැත්ද - අපේ නැ බොරු ගෙරවිලි සද්ද 
ගැහැනුන් හට එහි සම තැනද - එයාල ගන්නවා නියම තැන 
කැමති නැද්ද මෙහි නවතින්න - සුදුස්සාට නැ සුදුසු තැන 
වැඩි දුර විස්තර අහන්නේ නැ - ඇහුවොත් නොකියා යන්නෙත් නැ 
දැන්නම් යන්න දෙන්න බැරිය - පිස්සුද අපි යනවා චෙරියෝ 

චෙරියෝ චෙරියෝ ලාල් ලාල් ලාල් 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.