පවුරු වළල්ලක් බැඳලා
Pawuru Walallak Bandala
Font size:
පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි // ඇතින් පිය මනිනු දකිමි සුසුම් හෙලා හඬා වැටෙමි සුසුම් හෙලා හඬා වැටෙමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා නිරතුරු ඔබේ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි // ලොවක් නොමැත අපිට අහිමි ඔබ හා මිස තනිව නොයමි ඔබ හා මිස තනිව නොයමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා // මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා ////
Data
Last updated May 2026