Home/Songs/ආදරේ අගින්

ආදරේ අගින්

Adare Agin

Music: ශමිල සිරිවර්ධන Lyrics: මනුරංග විජේසේකර
Font size:
ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් 
කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් 
රෑ දිවා රැයේ ලංවී ඉන්නමයි හිතේ 
පෙම් පුරානයේ අපි ගැන කී කතා ඇසේ 

පුංචි පාලුවක් දැන්නම් දැනුනා 
උන්න නම් ඔයා කියලා සිතුනා 
ආදරේ මගේ රන්වන් සුලඟ සේ සිතේ 
පාවෙලා උඩින් යන්නට සිතුනා හැම දිනේ 
ඔබ සොයන් ඇවිත් ඉන්නට සිතුනා හංසියේ 
  
ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් 
කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් 

පුංචි පිනි ගොතා මුතු රැල් සදනා 
දෑත එක් වුනා නිදහස සොයලා 
නුඹ පිදූ තරම් සෙනෙහස පුදලා 
නෑ දැනී සදා සෙනෙහස පිරිලා.... 

ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් 
කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් 
රෑ දිවා රැයේ ලංවී ඉන්නමයි හිතේ 
පෙම් පුරානයේ අපි ගැන කී කතා ඇසේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.