Home/Songs/මං කිරිල්ලියක් තමයි

මං කිරිල්ලියක් තමයි

Man Kirilliyak Thamayi

Font size:
මං කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටූ
මට ඉගිළෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ
තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ //

නිල් අහස අයිති අපිටයි
ඔව් අත්තටු ඇති අයටයි
මේ ගමන අළුත් ලොවටයි
වැටකඩුලු ලෑම නිවටයි
වැටකඩුලු ලෑම නිවටයි

මං කිරිල්ලියක් .....

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාධකනම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි
තටු කපන්නේ බැරි කමටයි

මං කිරිල්ලියක් .....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.