Home/Songs/නෙළුම් විලේ පිපුණු

නෙළුම් විලේ පිපුණු

Nelum Vile Pipunu

Font size:
නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ දුර යන්න නොවේ
සුවඳ විහිදා ඔබව කළඹා
මං තමයි පිපුනේ සොඳුරු පෙම් උයනේ

නිල් තරුව හැනැහෙන හැන්දෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නේ මා ඔබ ළඟ නැත

නෙළුම් විලේ .....

සඳ එළිය වැටිලා ඔබේ මුහුණට
ඔබ හිනැහෙනවා නම් ඉන්නම් ළඟ
කළු වළා ඇවිද සඳ වසා දැමූ විට
හඩනු එපා තව මමයි ඔබේ සඳ

නෙළුම් විලේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.